ජනාධිපතිවරණයේ වෙනසක්

Wednesday, 3 December 2014

ඔයාගේ නැතිවුණ ෆෝන් හොයාගන්න හැටි මන් කියලා දෙන්නයි යන්නේ


►ඔයාගේ ෆෝන් එක හොරෙක් අතට පත් උනොත් සොරා සිදු කරන්නේ ෆෝන් එකේ සිම්පත ඉවත් කොට වෙනත් සිම්පතක් දමා එය භාවිතයට ගැනිමයි.
සොරාගනු ලැබූ ඔබේ ෆෝන් එකට වෙනත් අයෙකු සිම්පතක් යොදා ක්‍රියාත්මක කළ විට අදාළ සිම්පත අයත් ජංගම දුරකතන ජාලය ඔබගේ දුරකථනයට සම්බන්ධ සියලු තොරතුරු සටහන් වේ.

►එනිසා ඔබ සිදු කළ යුත්තේ ඔබගේ ෆෝන් එක නැතිවූ විගස ළඟම ඇති පොලීසියේ පැමිණිල්ලක් දැමීමයි. ඉන් පසුව ඔබගේ පැමිණිල්ලේ පිටපතක් සහිතව තම ෆෝන් එක නැතිවූ බවත් එය සොයා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විදුලි සංදේශ කොම්ෂන් සභාවේ අධ්‍යක්ෂකතුමන්ට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමයි. එහිදි ඔබගේ ජංගම දුරකථනයේ ඉමි අංකයද ඉදීරිපත් කළ යුතුය.

►ඉමි අංකය දන්නේ නැතිනම්...?
►ඉමි අංකය දන්නේ නැතිනම් කළ යුත්තේ ෆෝන් එක නැති වන අවස්ථාවේ එයට ඇතුළත් කොට තිබූ සිම්පතේ අංකය ලබා දීමයි. නමුත් ඉමි අංකය දන්නේ නම් ඉක්මනින් එය සොයා ගත හැක.
ඉතින් දැන් සොරුන් ගැන විස්තර සපයා දෙන ඉමි අංජනම් දෙවියන්ගේ සරණ ඔබගේ නැතිවුනු ජංගම දුරකථනය සොයා ගැනීමටත් භාවිතා කරන්න.
► විදුලි සංදේශන කොමිෂන් සභාවේ සම්බන්ධතා විස්තර:
ලිපිනය
අධ්‍යක්ෂ ජෙනරාල්,
විදුලි සංදේෂ නියාමක කොමිෂන් සභාව,
අංක 276,
ඇල්විටිගල මාවත,
කොළඹ.

►මේක හුඟක් වටින ලිපියක් අනිත් අයටත් පුලුවන් තරම් share කරන්න.

copy rigt

Read more: http://sinhalentricks.blogspot.com/2014/09/blog-post_17.html#ixzz3KpL2RkYn

No comments:

Post a Comment