අපේ සාම්ප්‍රදායික ක්‍රමයනෙ ඉතින් CD එකකට OS(Operating System - මෙහෙයුම් පද්ධතිය) එකක් දාගෙන ඇවිත් ඒක Install කරන එක, ඒත් ඕකෙ රඟේ බලන්න පුලුවන් Laptop එකක හිමින් දුවන Optical Drive එකකින් Windows දාද්දි. ඒත් Pen එකකින් ඔය වැඩේ කරොත් අපිට අඩු කාලයකින් මේ වැඩේ කරගන්න පුලුවන්.
හරි මුලින්ම මේ 600 KB පොඩි Software එක බාගන්නකෝ.
දැන් ඔයාට OS එක Copy කරන්න අවශ්‍ය Pen එක පරිගණකයට සම්බන්ධ කරන්න.
දැන් අර බාගත්ත Software එක Open කරලා Device කියන කොටසට ඒ Pen එක තෝරලා දෙන්න.

File System එක FAT32 එක NTFS විදියට වෙනස් කරන්න.
දැන් ඉහත පිතූරෙ තියෙන Format Option ලබා දීලා ISO Image කියන තැනට ඔයා Install කරන්න යන OS එකේ File එක තෝරලා දෙන්න.
දැන් Start ඔබන්න එවිට Pen එක Format වෙලා OS එක Copy වෙයි.
Arch Linux, Archbang, BartPE/pebuilder, CentOS, Damn Small Linux, Fedora, FreeDOS, Gentoo, GParted, gNewSense, Hiren's Boot CD, noppix, KolibriOS, Kubuntu , Linux Mint, OpenSUSE , ReactOS, rEFInd, Slackware, Tails, Trinity Rescue Kit, Ubuntu, Ultimate Boot CD, Windows XP (SP2, SP3), Windows Server 2003 R2, Windows Vista, Windows 7, Windows 8, Windows 8.1 හා තවත් බොහොමයක් මෙහෙයුම් පද්ධති වලට මෙය සහය දක්වයි.
දැන් ඉතින් CD නැතුව වැඩර් වගේ Pen එකෙන් OS දාන්න පුලුවන්.
Read more: http://sinhalentricks.blogspot.com/2014/11/pen-windows-os-install.html#ixzz3LHi3OWtR

No comments:
Post a Comment