ඊයේ (05) මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ධන මිල අඩු
ඊයේ (05) මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ධන මිල අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළා. ඒ අනුව පෙට‍්‍රල් සහ ඞීසල් ලීටරයක මිල රුපියල් 7කින් අඩු කෙරෙනවා. භූමි තෙල් ලීටරයක් අඩු වන්නේ රුපියල් 5කින්. මීට පෙර ඉන්ධන මිල අවසන් වරට අඩු කරනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් 16 වන දායි.නව මිල ගණන්වලට අනුව රුපියල් 86ව පැවැති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 81ක් බවට පත්වනවා. ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 150ක්. ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 158ක් බවට පත්වනු ඇති.නව මිල ගණන් අනුව රුපියල් 118ක්ව පැවැති ඞීසල් ලීටරයක නව මිල රුපියල් 111ක් ලෙස අඩු වනවා.
No comments:
Post a Comment