ජනාධිපතිවරණයේ වෙනසක්

Monday, 1 December 2014

ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක්


Share/Bookmark

අද දවසේ මේ කියන්න යන්නේ ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් ගැන තමයි.මේ වගේ එළකිරි වැඩකට උදවු නොකෙරුවොත් ඒක අපේ වරදක්.ඔයාලා දන්නවද මොකක්ද අපි මේ අද ඔයාලට කියන්න යන්නේ කියලා.ඔයාලා ගොඩක් කැමති game එකක් GTA San Andreas වලට අපේ ලංකාවේ සහෝදරයෙක් mod එකක් හදලා.ඒක අද තමයි නිකුත් කරන්න හදන්නේ.සිංහල එහෙම දාලා අලුත් කාර් දාලා නියමට හදලා තියනවා.play කරන්න ආස හිතෙන විදියට ලස්සනට නිර්මාණය කරපු mod එකක් තමයි මේක.මේක ගැන කිව්වේ නැත්තම් අපෙන් වැඩක් තියනවද?ඔන්න බලන්නකෝ ඒකේ පින්තූර ටිකක්.


Mod එකෙන් අපිට සුපිරි Fun එකක් ගන්න පුලුවන් බව ඔයාලට පිංතූර ටික බැලුවහම තේරුනා නේද? :) :) :)

Game එක ලගදිම ඔයලා අතරට Free Game එකක් විදියට දෙන්න තමා අපේ ඒ මල්ලියගේ බාලාපොරෝත්තුව.අමතක උනානේ ඒ මල්ලියා ගැන පොඩි විස්තරයක් දෙන්න ඔයාලට.මල්ලියාගේ නම තමා ලක්ෂික ගයාල්.අපේ Face Book සහෝදරයෙක්.ඔහු ගේ මේ අංශය කෙරෙහී ඇති හැකියාව ගැන කියන්න අවශ්‍යය නෑ නේ.මොකද මේ වගේ වැඩක් කරන්න පුලුවන්නම් ඔහු වැඩ කරුවෙක්ම වෙන්න එපෑ.ඔන්න ඔයාලත් Game Edit කරන්න ඒ ගැන යමක් දැනගන්න කැමතිනම් මෙන්න මේ Face Book Group එකට Set වෙන්න


ලක්ෂික මල්ලියව Face Book එකෙන් Contact කරගන්න ඔනී නම් මෙන්න මෙතනින් යන්න


ලක්ෂික මල්ලියගේ තවත් සුපිරි වැඩක් වන "TRIX හන්ටර් "එහෙමත් නැතිනම් ඔහු කරගෙන යන Blog එකටත් පොඩ්ඩක් ගිහින් බලන්න, Computer Tricks ගැන නවීන තාක්ෂණික ලෝකය ගැන දැනුම වැඩි කරගන්න ඔහුගේ මෙම ලස්සන බ්ලොග් අඩවියෙන් උදව් ගන්න.


Game එක මල්ලියා Release කරපු ගමන් අපි Free Game World කණ්ඩායම විසින් ඔයාලට දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අපේ කොල්ලෙක්ගේ වැඩක් නිසා Face Book,Twitter Share කරලා පොඩි උදව්වක් දෙන්න. :D :D :D

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

No comments:

Post a Comment