ජනාධිපතිවරණයේ වෙනසක්

Monday, 29 June 2015

සෞරග්‍රහ මණ්ඩලයට එපිටින් සොයාගත් පෘථිවිය වැනිම වූ ග්‍රහලෝකය

සෞරග්‍රහ මණ්ඩලයට එපිටින් සොයාගත් පෘථිවිය වැනිම වූ ග්‍රහලෝකය
විශ්වය පිළිබඳ ව සිදු වන පර්යේෂණවල නිමාවක් කිසි දිනෙක සිදු නොවනු ඇත. මක් නිසා ද යත්, එය මහත් කුතූහලයක් හා උනන්දුවක් යොමු වන විෂය පථයක් වන හෙයිනි. දිනෙන් දින ම නව ග්‍රහ ලෝක සොයා ගැනීම් මෙන් ම තිබෙන ග්‍රහලෝක ග්‍රහලෝක තත්ත්වයෙන් ඉවත් වීම් ද දක්නට ලැබේ.
මෑතක දී අසන්නට ලැබෙන්නේ, අප ගේ සෞරග්‍රහ මණ්ඩලයට එපිටින් පිහිටි, පෘථිවිය වැනි ම නව ග්‍රහලෝකයක් සොයා ගැනීම පිළිබඳ ව ය. නාසා ආයතනයේ, මිනිසුන් රහිත ව මෙහෙයවෙන Kepler Space ටෙලස්කෝපය මගින් මෙම සොයා ගැනීම සිදු කර තිබෙන අතර, Kepler-186f ලෙස මෙම නව ග්‍රහලෝකය නම් කර තිබේ. පෘථිවියට ආලෝක වර්ෂ 500ක් දුරින් පිහිටි මෙම ග්‍රහ ලෝකය විශාල වන්නේ පෘථිවියට වඩා 10%ක ප්‍රතිශතයකින් පමණි. මෙහි ජලය පැවතිය හැකි බවට විද්‍යාඥයෝ අනුමාන කරති.
Image
Image
පෘථිවියට සමාන යැයි සොයා ගන්නා ලද එක ම ග්‍රහලෝකය හෝ ජලය පැවතිය හැකි යැයි අනුමාන කළ හැකි එක ම ග්‍රහලෝකය හෝ Kepler-186f නො වේ. කෙසේ වෙතත් පෘථිවියට සමාන යැයි සොයා ගන්නා ලද සෙසු ග්‍රහලෝක මහත් විශාලත්වයකින් යුක්ත වූ අතර, මෙයට පෙර සොයා ගන්නා ලද Kepler-62f, පෘථීවියට වඩා 40%ක ප්‍රතිශතයකින් විශාල වේ.
Image
Kepler-186 නම් තාරකාව වටා දින 130ක කාලයක් තුළ සම්පූර්ණ පරිභ්‍රමණ කාලයක් සම්පූර්ණ කරන්නට Kepler-186f සමත් වේ. නාසා ආයතනය සඳහන් කරන පරිදි මෙම ග්රයහලෝකය Kepler-186 වෙතින් ලබා ගන්නේ තමාට අවශ්‍ය ශක්තියෙන් 1/3ක ප්‍රතිශතයක් පමණි. මෙය, පෘථිවිය සූර්යයා වෙතින් ලබා ගන්නා ශක්ති අනුපාතයට සම වේ.ග්‍රහලෝකයේ විශාලත්වය පිළිබඳ ව මේ වන විට ද පැහැදිලි නමුත්, එහි මතුපිට ස්වභාවය පිළිබඳ ව මේ වන විට ද නිශ්චිත ව හඳුනා ගත නොහැකි ව තිබේ. මෙය කඳු සහිත භූමිවලින් සමන්විත යැයි නාසා සමාගම අනුමාන කරයි. Kepler-186f යනු වාසයට සුදුසු ග්‍රහලෝකයක් බව අනුමාන කළ පමණින්, එහි වාසය කරන පිරිසක් සිටින බව ස්ථිර වශයෙන් තීරණය කළ නොහැකි බව සඳහන් කරන Thomas Barclay නම් විද්‍යාඥයා තව දුරටත් පවසා සිටින්නේ, එය පෘථිවියේ නිවුන් සහෝදරයකු ලෙස නොව, සාමාන්‍ය සහෝදරයකු ලෙස හඳුනා ගැනීම වඩාත් යෝග්යි බව යි.Kepler-186හි විශාලත්වය සූර්යයා ගේ විශාලත්වයෙන් අඩකට සමාන ය. ග්රයහලෝක පහක් මෙයට සම්බන්ධ වන අතර, ඒවා නම් කොට ඇත්තේ Kepler-186b, Kepler-186c, Kepler-186d, Kepler-186e සහ මෑතක දී හඳුනා ගන්නා ලද Kepler-186f වශයෙනි. මෙහි සෙසු ග්‍රහලෝක හතර මහත් විශාලත්වයකින් යුක්ත වන අතර, දැඩි උෂ්ණත්වය ද ජීවීන් ගේ වර්ධනයට බාධකයක් වේ.
2009 වසරේ පිහිටුවන ලද Kepler Space ටෙලස්කෝපය මේ වන විට තාරකා 150, 000කට අධික ප්‍රමාණයක් නිරීක්ෂණය කොට ඇති අතර, මෙම තාරකා ඉදිරියෙන් ගමන් කරන විට දී ග්‍රහලෝක හඳුනා ගැනීම සිදු කෙරේ. ඒ අනුව, ග්‍රහලෝක ලෙස උපකල්පනය කළ හැකි වස්තූන් දහසකට අධික ප්‍රමාණයක් මේ වන විට සොයාගෙන ඇති අතර, ඒවා පිළිබඳ පර්යේෂණ සිදු වෙමින් පවතී. අනාගතයේ දී පෘථිවිය වැනි මෙවැනි ග්‍රහලෝක තව තවත් සොයා ගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කරන නාසා සමාගම, ඒවායේ රසායනික සංයුතිය අධ්ය යනය කිරීමේ අපේක්ෂාවෙන් ද පසු වෙයි.

දැනුඉතිං යාලුවන්ටත් බලන්න Share කරන්න

                            Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon

No comments:

Post a Comment